රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර විසින් සදහන් කොට ඇත්තේ ආනයනික බිත්තර බේකරි හිමියන් විසින් වෙලදසල්වලට විකිනීම තහනම් බවත් එසේ සිදුකරනලද බේකරි හිමියන් අනාවරණය වුවහොත් එම බේකරි සදහා බිත්තර සැපයීම වහාම නතර කරන බවත්ය.
එවැනි සිදුවීම් වාර්තාවන බවත් පසුගියදා වාර්තාවූ එවැනි සිදුවීමකින් එම බේකරිය සදහා ආනයනික බිත්තර ලබාදීම නතරකොට ඇති බවත් ඔහු සදහන් කොට තිබේ.
මෙලෙස දිනකට බිත්තර ලක්ෂ 10 ක් පමණ ආනයනය කරනු ලබන්නේ දේශීය බිත්තර හිගය අවසන් වී මිල ස්ථාවර වනතෙක් හා දේශීය බිත්තර මිල අඩු අඩු වන තෙක් පමණක් බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කර තිබේ.