ප්‍රදේශ කිහිපයක බාර් වැසේ.

තෛපොංගල් දිනය යෙදී තිබෙන 15 වැනිදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

දිස්ත්‍රික් ලේකම්වරුන් මේ බව දැනුම් දුන් බවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් ප්‍රකාශ කර තිබේ.

තෛපොංගල් දිනයේ දී මෙම දිස්ත්‍රික්වල මත්පැන් අලෙවිසැල් වසා තබන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් .

Exit mobile version