පෙම්වතියට උරණ වූ ප්‍රේමවන්තයා

තම හිටපු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවි හරහා සමාජ මාධ්‍යට මුදාහැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලෙකැලේ රයිෆල් බලකා කදවුරට සේවය කළ හමුදා සෙබළෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.

ඔහු කාලයක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ තරුණිය වෙනත් පුද්ගලයකු හා විවාහ වීමෙන් උරණ වූ මෙම පුද්ගලයා ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවට විමර්ශණ වලින් හෙලි වේ.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකු වන අතර සැකකරු අත්අඩංගුවට ගෙන මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version