ත්රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකුගේ දිවි බේරුණු ඇදහිය නොහැකි පුවතක් බේරුවල ප්රදේශයෙන් වාර්තා වෙයි.
මෙම අනතුර සිදුව ඇත්තේ බේරුවල මරක්කලවත්ත හේන පාර ප්රදේශයේදීය.
අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු සහ එහි ගමන්කළ තවත් අයෙකු තුවාල ලබා ඇත.
කෙසේ වෙතත් එහි ගමන්කරමින් සිටි වයස අවුරුදු එකහමාරක සහ වයස අවුරුදු 8 අතර පසුවන කුඩා දරුවන් දෙදෙනාට ඉන් කිසිදු හානියක් සිදුනොවීම විශේෂත්වයකි.
මුහුදු වෙරළ දෙස සිට ගොඩබිම දෙසට ත්රිරෝද රථය ධාවනය කර ඇති අතර එහිදී කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
දුම්රියේ ගැටීමත් සමඟ ත්රිරෝද රථය ඈතට විසිවී ගොස් තිබූ අතර අනතුරින් ත්රිරෝද රථයට දැඩි අලාභහානි සිදුව තිබේ.
බේරුවල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.