වර්ෂාවත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.
කෙසෙල්ගමු ඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බව වාර්තා වේ.
මේ හේතුව නිසා බගවන්තලාව ප්‍රදේශයේ ගමනාගමන කටයුතු ද ඇණහිට තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද රාත්‍රී කාලයේදීත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.