මෙරට රත්රං මිල ගණන් ඉහළ ගොස් ඇති බවට වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 168,500ක් දක්වා රුපියල් 2,000කින් පමණ ඉහළ ගොස් තිබේ.
පසුගිය සතියේ බදාදා දිනයේ දී එය දැක්වුණේ රු. 163,700ක් ලෙසය.
මේ අතර පසුගිය බදාදා රු. 177,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 182,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.