යළි විදුලි ගාස්තු ඉහළ නැංවීමට කටයුතු කිරීම මඟින් පෙනී යන්නේ විදුලි බල මණ්ඩලයේ අකාර්යක්ෂමතාව බවත් , හිතුමනාපයට විදුලිය ගාස්තු වැඩි කිරීම මඟින් ජනතාව දැඩි ලෙස අසීරුතාවට පත් වන බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී. ආර්.අතුල මහතා ප්රකාශ කළ බව වාර්තා වේ .
දැඩි ලෙස වර්ෂාව ඇදහැලෙන බැවින් ජල විදුලිය වැඩියෙන් නිෂ්පාදනය කළ හැකි නිසා එහි සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔහු සඳහන් කර තිබේ.
එමෙන්ම ඔහු වැඩි දුරටත් පැවසුවේ ජල විදුලිය හා ඉන්ධන භාවිතයෙන් නිෂ්පාදනය කරන විදුලිය නිවැරැදිව කළමනාකරණය කරගත යුතු බවත් , එසේ නොකර විදුලි බිල වැඩි කරමින් සිදු කරන මෙම ක්රියාව ඉතා විහිළු සහගත බවත් ය.