හැටන් කුඩාගම ප්රදේශයේ ක්රිස්තු භක්තික නිවසක තැන්පත් කර තිබූ මරිය තුමියගේ පිළිරුවක ඇසකින් රුධිරය කාන්දු වීමත් සමග එම පිළිරුව හැටන් සිරි කුරුස දේවස්ථානය වෙත රැගෙන ඒමට එම පවුලේ පිරිස් කටයුතු කර ඇති බව වාර්තා වේ.
එම මරියතුමියගේ පිළිරුව හැටන් සිරි කුරුස දේවස්ථානයට වැඩම කරවීමෙන් අනතුරුව එම පිළිරුව බාර ගත් හැටන් සිරිකුරුස දේවස්ථානයේ ප්රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් විසින් එම පිළිරුව සහිත කුටිය එකී දේවස්ථානයේ තැන්පත් කිරිමට පියවර ගෙන ඇති බව සදහන්.
මරියතුමියගේ ඇසකින් රුධිරය වහනය වී ඇති බව දැනගත් හැටන් හා ආශ්රිත ප්රදේශවල විශාල පිරිසක් ඊයේ (11) දිනද හැටන් සිරිකුරුස දේවස්ථානයට පැමිණෙමින් සිටි අතර ප්රදේශයට පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ තම වාරය පැමිණෙන තෙක් එම පිරිස් පෝලිමේ රැදි සිටි අතර එම පිරිසගේ ආරක්ෂාව සදහා හැටන් මූලස්ථාන පොලීසිය විසින් විශේෂ ආරක්ෂාවක් යෙදවිමටද පියවර ගෙන තිබූ බව වාර්තා වේ.