කෝටිපති ව්යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථයේ තිබී සොයා ගැනුණු ආගන්තුක රුධිර සාම්පල වල අයිතිකරු නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා ඔහු රෝහල් ගත කළ දිනයේ කොළඹ ජාතික රෝහලේ සේවය කළ කාර්ය මණ්ඩලය ඇතුළු 10 දෙනෙකුගේ රුධිර සාම්පල ලබා ගැනීමට පියවර ගන්නා බවත් , පසුගිය සතියේ අධිකරණය ලබා දුන් නියෝගයට අනුව පොලිස් නිලධාරීන් ඇතුළු 21 දෙනෙකුගේ රුධිර සාම්පල ලබා ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (08) කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතට දැනුම් දුන් බව වාර්තා වේ.
මෙම රුධිර සාම්පල DNA පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත අතර මෙම නඩුව ලබන 24 වනදා යළි කැඳවන බව සඳහන්.