ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

නිල් කටරොළු මල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතින බව වාර්තා වේ.

විශේෂයෙන් නිල් කටරොළු මල් වේලා ඉන් සකසා ගන්නා නිල් කටරොළු තේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ මිලකට අලෙවි වේ.

පිලිපීනය, තායිවානය වැනි රටවල් ද මේ වනවිට මෙම වගාවට යොමු වී ඇති අතර අප රටේ වළස්මුල්ල ඔමාරගම ගමේ කාන්තාවන් 60 දෙනෙකු පමණ මේ වනවිට නිල් කටරොළු මල් වගාවට අවතීර්ණව සිටී.

වේලන ලද නිල් කටරොළු මල් පුද්ගලික සමාගමක් මඟින් විදේශ රටවලට අපනයනය කරන අතර ඔවුන්ට එමඟින් විශාල ආදායමක් මාසිකව ඉපයීමට හැකි වී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (10)  ඔමාරගම ගමේ නිල් කටරොළු මල් වගාව හා සැකසුම් මධ්‍යස්ථානය නිරීක්ෂණයට සහභාගි විය.

වේලන ලද නිල් කටරොළු මල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 5,000ක් වැනි මිලකට අලෙවි කරන අතර වේලන ලද නිල් කටරොළු මල් කිලෝ ග්‍රෑම් එකක් සෑදීම සඳහා අමු මල් කිලෝ ග්‍රෑම් 10ක් අවශ්‍ය බව සඳහන් වේ.

මෙම මල් වියැලීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘතියක් මඟින් අවශ්‍ය අරමුදල් සැපයීමට හැකි බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

පිලිපීනය, තායිලන්තය වැනි රටවල මෙම නිල් කටරොළු මල් තේ පානය කරන්නේ රාත්‍රී ආහාරයෙන් පසු පැණි හෝ දෙහි යුෂ සමගය.

එමෙන්ම බත්, කේක්, ජෙලි, සරුවත්, පෑන් කේක් වැනි ආහාර සඳහා ස්වභාවික ආහාර වර්ණකයක් ලෙසට ද නිල් කටරොළු මල් භාවිතා කළ හැකි බව සදහන් .

Exit mobile version