BREAKING NEWS. සිංහරාජයේ ආයෙත් දැවැන්ත ගින්නක්.

රක්වාන පොලිස් බලප්‍රදේශයේ නෙලවත්ත ඉහල කොටස සිංහරාජ රක්ෂිතයේ මේවන විට ගිනිගනිමින් තිබේ. මීට පැය කිහිපයකට පෙර එම ගින්න නිවා දැමු නමුත් නැවතත් ගිනි ගනිමින් තිබෙන බව අප වාර්තාකරුවන් පවසයි. ⁣

මෙම ගිනි ගන්නා ප්‍රදේශයේ සෘජුවම සිංහරාජයට අයත් බවත්, සිංහරාජ වනාන්තරය ⁣ඇතුලට එම ගින්න පැතිරිය හැකි බවත් වාර්ථා වේ.

මීට පෙර දිනකද සිංහරාජයට අයත් කුරුලුගල රක්ෂිතයේ ගින්නක් ඇති වු එය නිවා දැමීමට යුද හමුදාව කටයුතු කලේය. එය ආරම්භව තිබෙන්නේ ඊ⁣ට පෙර දින පෙරවරුවේ වුවත් අදාල රාජ්‍ය නිලධාරීන්ගේ නිදි කිරිල්ලෙන් විශාල ප්‍රදේශයක් ගින්නෙන් විනාශ විය.

ඒ අතර එම ගිනි ගත් කොටස විවිධ පුද්ගලයන්ට ලබා දීම සදහා එක්තරා පාර්ශ්වයක් කටයුතු කරමින් සිටින බවද අප මීට පෙර වාර්ථා කලේය.

Exit mobile version