අද දහවල් සිට සිංහරාජ රක්ෂිතයේ කුරුළුගල නමැති කදු වැටිය ගින්නකින් දැවෙමින් තිබේ. අප ඒ පිලිබඳව මීට පැය කිහිපයකට පෙර වාර්තා කරන ලදී. සිද්ධිය වාර්තා වූ වහාම රක්වාන, ගොඩකවෙල, කොලොන්න ආදී පොලිස් ස්ථානවල මැදිහත්වීමෙන් අවට ජනතාවද එය ව්‍යර්ථ කිරීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව වාර්තා වේ.
කෙසේ නමුත් එම ගින්න මැඩපැවැත්වීමට මහජනතාවට එම ස්ථානය වෙත යාමට අපහසුව තිබෙන අතර පවතින සුළග සමග ගිනි දැල් අඩි 50ක් 60 ක් පමණ ඉහලට යමින් තිබෙන බව වාර්තා වේ.
එම ගින්න මැඩපැවැත්වීමට සහාය වන ලෙස රක්වාන පොලීසිය ආපදා කළමනාකරණ ඒකකයෙන් ඉල්ලීමක් කර තිබෙන නමුත් ඔවුන්ට කිරීමට හැකි දෙයක් නොමැති බව ප්‍රකාශ කර තිබේ.
නමුත් ආපදා කළමනාකාරණ ඒකකයෙන් ගුවන් හමුදාවෙන් එම ඉල්ලිම කලේ නම් ගුවන් හමුදාවට තවමත් එය මැඩපැවැත්වීමට හැකි තත්ත්වයේ තිබේ. නමුත් තවත් අක්කර කිහිපයක් ගිය විට එය ඝන වනාන්තරයට ඇතුල්වන බව එහි සිටින පොලිස් නිලධාරීන් පවසයි.
සිංහරාජය යනු ලෝක උරුමයකි. ආපදා කළමනාකරණයට එය වැඩක් නැති වුවත් මේ ගිනි ගන්නේ ලෝක උරුමයකි. ආපදා කළමනාකරණය මහජනතාව වැටුප් ගෙවන්නේ මේ සියල්ලම වෙනුවෙනි. එබැවින් අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැත.
එබැවින් ආපදා කළමනාකරණ ඒකක වල සිටින වගකිව යුතු නිලධාරීන් වහාම ක්‍රියාත්මක වි ගුවන් හමුදාව සමග එක්ව මෙම ගින්න නිවා දැමීමට වාහම ක්‍රියාත්මක විය යුතුව තිබේ. එය හෙට නොව, අදම කල යුතු ජාතික සහ ගෝලීය වගකීමකි.
(නිවැරදි කිරීමයි – මෙම ගිනි ගෙන තිබෙන පෙදෙස සිංහ රාජයට අයත් කොටසක් නොවන බව වනජීවීය ප්‍රකාශ කරයි. නමුත් දුරින් සිටින මහජනතාව මෙම හදුන්වන්නේ මෙම කදු සිංහරාජයට අයත් කදු ලෙසයි. කෙසේ නමුත් මෙම කදු පෙදෙස්වල තිබෙන පරිවාර රක්ෂිත සිංහරාජ වනාන්තරය පෝෂණය කරමින් එයට ආරක්ෂාව සලසයි. එබැවින් සිංහරාජයට අයත් නොමැති වුවත් මෙම කදු ගිනි ගැනීමෙන් වැලැක්වීම ජාතික වගකීමකි. නාවින්න පාලම්කොට්ටේ ප්‍රදේශයේ මෙම රක්ෂිතය පිහිටා තිබේ. මෙම ප්‍රදේශවල සංචාරය කර නොමැති අයට මෙම වනගත ප්‍රදේශ සියල්ලම සිංහරාජයට අයත් බවට තීරණය කර තිබේ. එපමණක්ද නොව අප තොරතුරු ලබා ගත රාජ්‍ය නිලධාරීන් අපට තොරතුරු ලබා දී තිබෙන්නේ ද මෙම ගිනි ගනිමින් තිබෙන කොටස සිංහරාජයට අයත් බවයි. එබැවින් සිංහරාජයේ නොවුනත් මෙම වනාන්තර සියල්ලම අපට හුස්ම දෙන වටිනා ජාතික සම්පත් වේ)