අවිස්සාවේල්ලේදී ‘බූරු මූණා’ අත්අඩංගුවට.

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටී  රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ ව අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තවද මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස මොහු  කටයුතු කර ඇති බවත් තවත් මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසිය වෙත අවශ්‍යව සිටී පුද්ගලයකු බවත් පොලිසිය සදහන් කරයි.

සැකකරු හට  අධිකරණය විසින් විදේශ ගත වීම තහනම් කර ඇති බවද සදහන් වේ.

සැකකරු පසුගිය 24 වනදා විදේශ ගතවීමට උත්සාහ කල අවස්ථාවකදී  කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රදවා සිටියදී  හිමිවරුන් දෙදෙනෙකුගේ සහය ඇතිව පොලිස් අත්අඩංගුවෙන් පළාගොස් තිබුණි.

Exit mobile version