පානදුර – නුගේගොඩ මාර්ගයේ ගමන්ගන්නා බස් රථයක් මොරටුව පොලිසිය අසල ඇති බස්නැවතුම්පොළක සහ ට්‍රාන්ස්ෆෝමරයක් සහිත විදුලි කණුවක ගැටී ඇති බව වාර්තා වේ.
බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහිම හේතුවෙන් අද (19) දහවල් 2.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
එම අනතුරින් ට්‍රාන්ස්ෆෝමරයට සහ බස් නැවතුම්පොළට දැඩි හානි සිදුවී ඇති අතර බස් රථයේ කොන්දොස්තර සහ බස් නැවතුම්පොළේ සිටි කාන්තාවක් සුළු තුවාල සහිතව රෝහල් ගත කර ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.