බස් ගාස්තුත් ඉහළට.

ජනවාරි මස සිට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසා ඇති බව වාර්තා වේ.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ජනවාරි මස වැට් බදු වැඩිවීමට සමගාමීව බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි.

එමෙන්ම ලබන වසරේ ජනවාරි මස සිට බස් රථ ආනයනයේදී සාමාන්‍ය බස් රථයක් එක්කෝටි පනස් හත් ලක්ෂයක් පමණ වන බවට ගැමුණු විජේරත්න පවසා තිබේ.

එවැනි මිලකට බස් රථ මිලදී ගෙන සාමාන්‍ය ජනතාව ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නොමැති බවත්, බස් රථ අමතර කොටස් මිල, ලිහිසි තෙල් මිල, ඉන්ධන මිල, සේවා ගාස්තු සියලුම දේවල් ඉහළ යන බව ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Exit mobile version