සමනල වැවෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් හෙට (23) දිනයේදී වාන් දොරටු විවෘත කිරීමට සිදු විය හැකි බවට දන්වා තිබේ.
ඒ සම්බන්ධව පූර්ව දැනුවත් කිරීමක් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිදු කරන බවද දන්වා ඇත.
වාන් දොරටු විවෘත කලහොත් වලවේ ගඟෙහි ජල මට්ටම ඉහල යා හැකි බව සදහන්.
එබැවින් ගඟ භාවිතා කරන අය සහ ගඟ දෙපස පදිංචි කරුවන් අවධානයෙන් සිටින ලෙසත් අනවශ්‍ය ලෙස කලබල නොවී ඔවුන් විසින් සිදුකරන දැනුවත් කිරීම් සම්බන්ධව අවධානයෙන් සිටින ලෙසත් දන්වා ඇති බව වාර්තා වේ.