භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් රුපියල් කෝටි ලක්ෂයක ණය මුදලක් ගැනීමට අදාළ යෝජනාව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ මධුර විතානගේ මහතා විසින් ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තුවේදී අද (12) සම්මත වූ බව වාර්තා වේ.
එමෙන්ම රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලද දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මෙම යෝජනාව ඉදිරිපත් කළ බව මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ගැනීම සඳහා මෙතෙක් පැවති රුපියල් කෝටි ලක්ෂ පහේ සීමාව නව යෝජනාව සමඟ රුපියල් කෝටි හය ලක්ෂය දක්වා වැඩි කෙරෙන බව සඳහන්.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය 11 වනදා හිමි වූ අතර භාණ්ඩාගාර බැඳුම්කරවලින් අරමුදල් සපයා ගැනීමට වඩා මේ ලෙසට කෙටිකාලීන ක්‍රමයට ණය මුදල් ගැනීමෙන් පොලී සඳහා ගෙවීමට සිඳුවන මුදල අඩු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා සඳහන් කරන ලදී.
මෙම යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව වාර්තා වේ.