වීසා ක්‍රමවේදය සරල කරන්න කැබ්නට් අනුමැතිය.

පැමිණීමේ සහ වාස වීසා යන වර්ග දෙක යටතේ නිකුත් කරන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කැබ්නට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ වැඩි විදේශීය ආකර්ෂණයන් පවතින රටවල ක්‍රියාත්මක වීසා ක්‍රමවේදයන් සැලකිල්ලට ගෙන මෙරට වීසා ක්‍රමවේදය සකස් කිරීමට අනුමැතිය හිමි වූ බවයි.

Exit mobile version