බිලියන 4 ක හදිසි විදුලි මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය .

පවතින නියං කාලගුණික තත්ත්වය හේතුවෙන් මතුව ඇති ජල හිඟය පදනම් කරගෙන හදිසි විදුලිය මිලදී ගැනීමකට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව ඊයේ(07) පස්වරුව් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලය මෙලෙස පෞද්ගලික සමාගම් 03කින් අධික මිලට විදුලිය මිලදී ගැනීමට අනුමැතිය ලබාදී තිබෙන බව සඳහන් .

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් මීට අදාළව ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුව ඉදිරි මාස 6 ක කාල වකවානුවක් වෙනුවෙන් රුපියල් බිලියන 04ක් වැයකරමින් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර ජල විදුලිය නිෂ්පාදනයේ පවතින අර්බුදය සහ විදුලි බල මණ්ඩලය මුහුණදී සිටින තවත් ගැටළු කිහිපයක් හේතුවෙන් මෙලෙස හදිසි විදුලිය මිලදී ගැනීම් සිදුකිරීමට සිදුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී කැබිනට් මණ්ඩලයට පෙන්වාදී තිබේ.

Exit mobile version