විදුලිබල හා බලශත්කි අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද , ලංකා විදුලිබල මණ්ඩලය ඉන්දියාවේ සමාගමක් සමග එක්ව ත්‍රිකුණාමල සාම්පූර්හි සුර්යය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟතාවයකට අනුව මෙගාවොට් 135 ක ධාරිතාවයකින් යුත් සුර්යය විදුලි බලාගාරයක් අදියරයන් දෙකකදී ක්‍රියාත්මක කිරීමට එම සමාගම ලංකා විදුලිබල මණ්ඩලය හා කැමැත්ත පළ කර තිබේ.
ඒ අනුව එහි පළමු අදියර ලෙස සාම්පුර් සිට කප්පල්තුරය දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 42.5 ක වියදමකින් කිලෝමීටර් 220 ක දුරකින් යුත් සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කොට ඇති බවත් එම කොටස 2025 වසර අවසන් වන විට නිම කිරීමට නියමිත බවත් වාර්තා වේ.
තවද දෙවන අදියර ලෙස ඩොලර් මිලියන 72ක යෝජනා යටතේ මෙගාවොට් 85ක ධාරිතාවකින් යුත් අතිරේක සූර්ය විදුලි බලාගාරයක් ඉදිකොට ඉන් ජනනය කරනු ලබන විදුලිය බෙදාහැරීම සදහා කප්පල්තුරේ සිට හබරණ දක්වා කිලෝමීටර් 76ක දුරකින් සමන්විත කිලෝවෝල්ට් 220ක ධාරිතාවක් සහිත සම්ප්‍රේෂණ මාර්ගයක් ස්ථාපිත කිරීමට නියමිත බව පැවසේ.