එතෙර රැකියා වල නිරතවන පුද්ගලයන් විසින් ඔවුන්ගේ ආදායම් නීත්‍යානුකූල ලෙස මෙරටට ප්‍රේෂණය කර ඇත්නම් ඔවුන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයන සඳහා බලපත්‍ර ලබා දීම මීට පෙර ක්‍රියාත්මක විය.ඒ අනුව විද්‍යුත් වාහන ආනයනයට විදේශගත ශ්‍රමිකයින් විසින් 2022.05.01 සිට 2022.12.31 වන දින දක්වා කාල වකවානුව තුළ මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කරගනිමින් ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනය සඳහා අවස්ථාව හිමි වුණි.
විදේශගත රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පූර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන අතර එම බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය 2023.09.23 දක්වා දීර්ඝ කළ බව වාර්තා වේ.
එමෙන්ම ඒ තුළින් ඉතා විශාල වරප්‍රසාදයක් ඔවුන්ට හිමිවන බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.