ශ්රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවීම අද (31) සිදුකරන බවට වරාය හා නාවික ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (31) සිට දින හතළිස්පහක කාලයක් මෙම ටෙන්ඩර් ලබාදීම සඳහා කාලය වෙන් කර තිබේ.
ශ්රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා අන්තර්ජාතික මෙන්ම දේශීය සමාගම් සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බව සදහන්.
එසේ ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ ක්රියාවලිය අවසන් වූ පසු මේ සඳහා සුදුසු සමාගම් තෝරාගැනීමට කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.