පිය පුතු දෙදෙනාගේ ඉරණම විසදු රිය අනතුර.

ඊයේ (21) පස්වරු 3 ට පමණ මොනරාගල – පස්සර මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් පිය පුතු දෙදෙනකු මිය ගොස් ඇති බව වාර්තාවේ.

අනතුර සිදුව ඇත්තේ ලොරි රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී ඇති අතර මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් පිය පුතු දෙදෙනා බවත් පස්සර පොලීසිය පවසයි.

එසේ මිය ගොස් ඇත්තේ මනෝහරන් ඩිල්ෂාන් නමැති 19 හැවිරිදි හා ආරුමුගම් මනෝහරන් නමැති 50 හැවිරිදි පස්සර මීදුම්පිටිය ගලබඩවත්ත පදිංචි දෙදෙනකු බව වාර්තාවේ.  මේ අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version