වඩු කාර්මිකයෙකු විදුලි රැහැනට බිලි.

ඇල්පිටිය යක්කටුව පතිරාජවත්ත ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් 43 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

ඇල්පිටිය යක්කටුව පතිරාජ මාවත ලිපිනයේ පදිංචි මුරුක්කු වදුරගේ විමල් සිසිර කුමාර නැමැති ඔහු වඩු කාර්මිකයෙකි.

සිද්ධිය වූ දින තරුණයන් පිරිසක් සාදයක් පවත්වා ඇති බවත් ඒ අතර මෙම ස්ථානයෙන් ගමන්කළ විදුලි රැහැනක පැටලීමෙන් ජීව්තක්ෂයට පත්ව ඇති බවත් මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version