රුපියල් ලක්ෂ 1,060ක මුදල් සහ දේපල තහනම් කෙරේ.

යුක්ති මෙහෙයුමෙන් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සුඛෝපභෝගී වාහන සහ දේපොළ රැසක් නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසය මඟින් තහනමට ලක්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 450ක දේපොළ සහ ඉඩම් මෙන්ම රුපියල් ලක්ෂ 610ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී වාහන කිහිපයක් ද යුක්තිය මෙහෙයුම මඟින් සිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද වාහනවල වටිනාකම පහතින් දැක්වේ.

TOYOTA LAND CRUISER PRADO වර්ගයේ ජීප් රථය
රු.ලක්ෂ 330

TOYOTA KDH වර්ගයේ වෑන් රථය
රු.ලක්ෂ 130

TOYOTA CHR වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 76

TOYOTA AQUA වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 64

‍BAJAJ වර්ගයේ ත්‍රී රෝද රථය
රු.ලක්ෂ 10

අත්අඩංගුවට ගන්නා ලද දේපොළවල වටිනාකම පහතින් දැක්වේ.

පර්චස් 7.5ක තලගල පිහිටි ඉඩම 
වටිනාකම –  ලක්ෂ 15යි

පර්චස් 05ක ඉඩම(මාලඹේ)
වටිනාකම – ලක්ෂ 45යි

අංක 129 රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ  පර්චස් 12.5ක ඉඩම සහ දෙමහල් නිවස 
මුළු වටිනාකම – ලක්ෂ 240යි

නිවන්දන දකුණ, ජා ඇළ ලිපිනයේ පිහිටි ඉඩම (ඉඩමෙහි ප්‍රමාණය මේ වන තුරු අණාවරනය නොවේ
වටිනාකම – ලක්ෂ150යි

Exit mobile version