කොළඹ CCTV මෙහෙයුම් තවදුරටත් .

මේ මාසයේ ගත වූ දින 15ක කාලය තුළ කොළඹ නගරය ආශ්‍රිත ව සීසීටීවී දර්ශන මඟින් වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් 793 දෙනෙකු හදුනාගත් බවට පොලීසිය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ස්ථාන 300කට පමණ තොරතුරු දැනුම් දී ඇති බවයි.

2023 වසරේ බීමත් ව රිය පැදවීම් සම්බන්ධ නඩු 26,000ක් පමණ වාර්තා වී ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කර තිබේ.
 

Exit mobile version