ලංවිම නව බඳවා ගැනීම් සහ ස්ථීර කිරීම් නෑ.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සමගාමීව මානව සම්පත් විගණනයක් ක්‍රියාත්මක වීම නිසා නව බඳවාගැනීම් සහ ස්ථිර කිරීම් නොකළ යුතු බවත් , එම එක් එක් සිද්ධියට අදාළව විදුලිබල අමාත්‍යාංශයෙන් අවසරය ගතයුතු බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එම මණ්ඩලයේ ප්‍රධානීන්ට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම පුහුණු විදේශ සංචාර වෙනුවෙන් නිලධාරීන් නම් කිරිම්දී වසර 3 ක් හෝ තව දුරටත් සේවය කළ හැකි නිලධාරීන් නම් කරන ලෙස සහ සංචාරවලින් තොරව එම කටයුතු සඳහා මාර්ගගත ක්‍රමයන් යොදා ගන්නා ලෙසටත් , භෞතික සම්පත් විගණනයක් ක්‍රියාත්මක වීම නිසා නව ගොඩනැගිලි හා කාර්යාල මිලදී ගැනීම හෝ කුලියට ගැනීම නවතා දමන ලෙසටත් , රථවාහන කුලියට ගැනීම් නතරකිරීම සම්බන්ධයෙන්  අවධානය යොමු කරන ලෙසටත්  අමාත්‍යවරයා ලංකා විදුලි බල මණ්ඩලය වෙත උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version