ආනයනික සිමෙන්ති සදහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ජූනි මස 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් සංශෝධනය කර ඇති බවට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සදහන් කර තිබේ.
ඒ අනුව කෘතිම ලෙස වර්ණ ගැන්වූ හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබේ.
ඊට අමතරව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා වූ රුපියල් 5ක සෙස් බද්ධ රුපියල් 8 දක්වා ඉහළ දමා ඇති බව සදහන්.
තවද කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරුම්වලින් තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා අයකළ රුපියල් 3ක බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා තිබේ.