රාවණා ලංකා පුවතින් පසු මධ්‍යම පළාත් ආණ්ඩුකරුගේ ඇස් ඇරෙයි – තරුෂි බලන්න නිලධාරින් ගෙදරටම යයි.

තරුෂි කරුණාරත්න යනු කවුරුන්දැයි මේ වන විට ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම ඉතාම හොදින් දනී.ඇය ලංකාවට රන් පදක්කමක් රැගෙන ආවේ මධ්‍යම පළාත් බලධාරීන්ගේ කෙනෙහිලිකම් සමග බව අප වාර්තා කළේ පසුගිය වර්ෂයේය.නමුත් එම වාර්තාවටවත් මධ්‍යම පළාත් බලධාරීන්ගේ ඇස් ඇරුණේ නැත.

තරුෂිගේ ජය්‍රහණයෙන් පසුව තරුෂි සම්බන්ධව කිසිම දෙයක් නොකල බවට අපි නැවත වරක් පරණ වාර්තාවම ගෙන පසුගියදා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අනෙකුත් බලධාරීන්ගේ නොසැලකිල්ල පිළිබඳ පුවතක් පළ කරන ලදි.

එම පුවතට ප්‍රතිචාර දක්වමින් මේ වන විට තරුෂිට කෙනෙහිලිකම් සිදු කරන සමහර නිලධාරින් ඉවත් කර තිබේ.එසේම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත අද (26) දින මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක ,අධ්‍යාපන අධ්‍යක්ෂක ඇතුළු නිලධාරින් කණ්ඩායමක් තරුෂිගේ කුලී නිවසට පැමිණියෝය.

එහිදී මධ්‍යම පළාත් සභාව විසින් තරුෂි කෙරෙහි අවශ්‍ය අවධාණය යොමු නොකිරීම සහ සිදුවන සිදුවීම් පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කළ අතර තරුෂිගේ ඉදිරි අවශ්‍යතා සියල්ලම සිදු කර දීමටද බලධාරීන් විසින් මෙහිදී පොරොන්දු වෙන ලදි.

කෙසේ නමුත් අශ්වයා ගියාට පසු ඉස්තාලය වසා වැඩක් නැති වූවත් තරුෂිගේ ජය්‍රහණ දැක ඇය රටට සම්පතක් බැවින් ඇය ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් වන බැවින් ප්‍රමාද වී හෝ තරුෂිගේ ඉදිරි කටයුතු වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු බලධාරීන්ගේ මැදිහත්වීම සිදුව තිබේ.එබැවින් මේ පිළිබඳව අපගේ ප්‍රශංසාවද ඔවුන්ට හිමි වේ.

එසේම තරුෂිට පමණක් නොව ඒ ආකාරයෙන් විවිධ අකටයුතුකම් වලට ලක්ව සිටින සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇතැයි රාවණා ලංකා අප නිරන්තරයෙන්ම අවධානයෙන් සිටී.

මධ්‍යම පළාත් බලධාරීන් තරුෂිගේ නිවසට පැමිණීම පිළිබඳ වැඩිදුර තොරතුරු පහත විඩියෝවෙන්,

මේ පිළිබඳව අප පළ කල පුවත පහතින්,

Exit mobile version