ඉන්දියාවේ නවදිල්ලිහි රෝහිණී නගරයේ පැවැත්වෙන ‘‘ එක්සත් ලෝක විවාහක රූ රැජින-2023’’ (Mrs unity world-2023) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව විවාහක රූ රැජිනක වන චාමිකා විතානවසම් මහත්මිය හිමිකරගෙන ඇති බව වාර්තා වේ.
මෙහි අවසන් තරගය 6 වැනිදා රෝහිණී නගරයේ ක්‍රවුන් ප්ලාසාහිදී පැවැත්වේ.
තරගාවලිය සඳහා චාමිකා පෙරේදා (නොවැ: 02) ඉන්දියාව බලා පිටත්ව ගිය බව සදහන්.
මෙහිදී ඇයගේ ජාතික අධ්යක්ෂ ලෙස ඉන්දීය ජාතික අමිත් කුමාර් මහතා කටයුතු කරයි.
චාමිකා මීට පෙර මියන්මාරයේ පැවති ‘‘ජාත්‍යන්තර විවාහක රූ රැජින’’තරගාවලිය නියෝජනය කළ අතර එහිදී බොහෝ දෙනාගේ ප්‍රශංසාවට හා ගෞරවයට ලක්විණි.
මෙවර ‘‘එක්සත් ලෝක විවාහක රූ රැජින ’’තරගාවලිය සඳහා රටවල් රැසක විවාහක රූ රැජිනියෝ’’ විශාල සංඛ්‍යාවක් තරග වදිති.