චමීර පිටියට

ආබාධයක් හේතුවෙන් මාස 5කට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලංකා වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර නැවතත් ක්‍රීඩා කිරීම ආරම්භ කර තිබෙන බවට වාර්තා වේ.

නුවර කණ්ඩායම නියෝජනය කරමින් යාපනය කණ්ඩායමට එරෙහිව ඔහු ඊයේ (28) නැෂනල් සුපර් ලීග් තරගයට එක් වී තිබුණි.

ඉදිරියේදී පැවැත්වෙන NSL තරගවලට ක්‍රීඩා කර නැවත ඔහුගේ රිද්මයට පැමිණීමට හැකි බවට චමීර ප්‍රකාශ කර තිබේ.

Exit mobile version