පසුගිය අගෝස්තු මාසයට සාපේක්ෂව යම් මට්ටමකින් පහළ ගිය මෝටර් රථ වල මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් වාහන අලෙවිකරුවන් පවසන්නේ රජය භාණ්ඩ වර්ග රැසක් ආනයනය කිරීමට අවසර දුන්නද තවදුරටත් වාහන ආනයනය කිරීමට අවසර නොදීම ඊට හේතුවී ඇති බවයි.
ඒ අනුව සැප්තැම්බර් මස වාහන වල නව මිල ගණන් පහතින් ,
ටොයෝටා ප්‍රිමියර් 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි .
ටොයෝටා විට්ස් 2018 ලක්ෂ 79.
ටොයෝටා ඇක්වාජී 2012 – ලක්ෂ 57 යි.
හොන්ඩා වෙසල් 2014 – ලක්ෂ 77 යි.
හොන්ඩා ෆිට් 2012 – ලක්ෂ 54.50 යි.
හොන්ඩා ග්‍රේස් 2014 ලක්ෂ 78 යි.
නිශාන් එක්ස් ට්‍රේල් 2015 ලක්ෂ 84 යි.
සුසුකි වැගන්ආර් 2014 – ලක්ෂ 44.90 යි.
සුසුකි ඇල්ටෝ 2015 – ලක්ෂ 27.50 යි.
සුසුකි ජපන් ඇල්ටෝ 2017 – ලක්ෂ 46.75 යි.
මයික්‍රෝ පැන්ඩා 2015 ලක්ෂ 23 යි.