වෙනස් වූ විදුලි බිලේ නව ගාස්තු.

ඉදිරියේදී සිඳු කිරීමට නියමිතව තිබෙන විදුලි බිල සංශෝදනය සම්බන්ධයෙන් වන මිල ගණන් අද (24) පාර්ලිමේන්තුවේ දී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කළ බව වාර්තා වේ.

ඒ අනුව ඒකක 0 – 30 දක්වා කාණ්ඩය සඳහා දැනට පවතින ඒකකයයක මිල රුපියල් 5 කින් අඩු කළ බවත් , එම කාණ්ඩය සඳහා වන ඒකකයක නව මිල රුපියල් 25 ක් කිරීම සඳහාත් , ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට රුපියල් 250 දක්වා අඩු කිරීමටත් නව සංශෝදනයෙන් යෝජනා වී තිබේ.  එමෙන්ම  පළමු කාණ්ඩයට අවමය 23% ක සහනයක් ලබා  දී ඇති බවත් , එම සහනය ලබා ගන්නා පවුල් 1, 744 , 000 ක් සිටින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ

Exit mobile version