ආනයනික මිරිස්වල රසායන ද්‍රව්‍ය.

පිටරටින් ආනයනය කරනු ලබන වියළි මිරිස්වල ඇෆ්ලටොක්සීන් ඇතුළු විවිධ වර්ගයේ රසායන ද්‍රව්‍ය ඇතුළත් බවත් , මෙරට තහනම් කරන ලද පළිබෝධනාශක වර්ග එම රටවල මිරිස් වගාවන් සඳහා යොදන බවත් , මෙරට වියළි මිරිස් අවශ්‍යතාවය සපුරාලීමට අවශ්‍ය මිරිස් ප්‍රමාණය මෙරට තුළම වගා කිරීම සඳහා වැඩපිළිවෙළක් මෙම වර්ෂයේ දී වර්ධනය කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ නවීන තාක්ෂණය යොදා ගනිමින් අක්කර භාගයක වගා කරන මිරිස් වගාවකින් ඉහළ ආදායමක් මෙන්ම ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි බවයි.

Exit mobile version