අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරමින් සිටියදී අත්අඩංගුවට ගත් සිවිල් ක්‍රියාකාරීන් 10 දෙනාට ඇප ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අද ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් ඔවුන් මෙලෙස CIDය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.