CIDය ඉදිරිපිට විරෝධතා පැවැත්වූ පිරිසට අධිකරණය දුන් නියෝගය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරමින් සිටියදී අත්අඩංගුවට ගත් සිවිල් ක්‍රියාකාරීන් 10 දෙනාට ඇප ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අද ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් ඔවුන් මෙලෙස CIDය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Exit mobile version