පසුගිය 9 වැනිදා මෙරට ගිනි ගොඩක් බවට පත් කිරීමට ප්‍රධාන චෝදිත පොලිස් නිලධාරියා කවුදැයි යන්න මේ වන විටත් නොරහසකි. වෙස් මුහුණු බැඳගෙන ආවත් ඔහු නටන්නේ එළිපිට මෙන්ම මෙරට ජනතාව මෝඩයන් නොවන බව ඔහු තවමත් වටහාගෙන නැත.
මේ අතර බස්නාහිර පළාත් පොලිස් ලොක්කෙකුගේ බලපෑම් නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා ඉවත් විය. සමහර විට ඔහුට තවත් පුද්ගලයන් බලපෑම් කළා විය හැකිය.
එසේම මේ වන විටත් එම පොලිස් ලොක්කා එම පරීක්ෂණ වලට බාධාකරන බවද, පොලිස්පතිවරයාගේ ප්‍රකාශය ඉල්ලන බවද, අපරාධ පරීක්ෂණ නිලධාරීන්ට අසැභී වචන වලින් බැන වදින බවද එහි නිලධාරීන් විවිධ ස්ථානවල ප්‍රකාශ කර තිබේ. ( අර වචනයක් තියෙන්නේ. ) විශේෂයෙන්ම ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරනයට පැමිණි මාධ්‍යවේදීන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. ඒ පිලිබඳව සාක්ෂි ද ලැබී තිබුනත්, ඔහුගේ වචනම අප සතුව තිබුනත් සියලුම දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒවා ප්‍රසිද්ධ නොකිරීමට අප තීරණය කරන ලදී.
එසේම මේ පොලිස් ලොක්කා එක්ෂත් ජාතික පක්ෂය සමගද මනා සබඳතාවයක් පවතී. ඔවුන් සමග පවතින මනා සබධතාවය කෙසේද යත්, එක්තරා හිටපු අමාත්‍යවරයෙකුගේ පියාගේ අවසන් කටයුතු වලට සහභාගි වී පෙට්ටියද කර තබාගෙන ගොස් තිබේ. ඒ සදහා චයාරූපද අප සතුව තිබේ.
පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පොලිස්පතිතුමාද යම් දේශපාලන හිරවීමකට ලක්ව තිබෙන්නේ නම් එසේ හිර කරමින්, පොලිස් පාතාලයක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරවන පුද්ගලයන්ද මේ සිදු කරන්නේ තවත් දැවැන්ත අපරාධ යුගයක් වෙත ශ්‍රී ලංකාව ගමන් කරවීමයි. ඒ යුගය ඉකමනින් උදාවන බව පෙනෙන්නට තිබෙන අතර එහිදී ඔවුන්ගේ ජීවිත වලට දැවැන්ත හානියක් සිදු විය හැකි බව අප නැවත නැවතත් අවධාරණය කර සිටිමු. එබැවින් ගාලුමුවදොර පිටියේ දැමු සෙල්ලමේ වග උත්තරකරුවන් සැගවීමේ අනිසි විපාක දරුණු විය හැකි බව අප නැවත නැවතත් අවධාරණය කරන්නෙමු.