රට පුරා ඇති වටිනා ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස් කරන නොතාරිස්වරුන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා ඇති බව වාර්තා වේ.
ඒ දැනට සංවිධානාත්මකව ඉඩම් අල්ලන කල්ලි විසින් කෝටිපතියන් දෙදෙනෙකු ඝාතනය කර අත්පත් කර ගෙන ඇති ඉඩම් සම්බන්ධව කරන ලද විමර්ශනයකට අදාළවයි.
ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ ව්‍යාපෘති කළමනාකරු හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යාන්ත්‍රික ඉංජීනේරුවරයෙකු වූ සමන් විජේසිරි මහතාගේ දේපළ අයිති කර ගැනීමේ අදහසින් ඔහු ඝාතනය කර එය අභිරහස් බවට පත් කළ කල්ලිය විසින් නොතාරිස්වරුන්ගේ සහයෙන් අල්ලාගෙන ඇති බව කියන ඉඩම් සම්බන්ධව කරන විමර්ශනවලදී මේ බව හෙළිවී තිබේ.
මීට අමතරව ප්‍රකෝටිපතියකු වූ අශෝකා දසනායක මහතාගේ කොළඹ හතේ හා කොල්ලුපිටියේ ඇති නිවාසවලට හොර ඔප්පු සකස් කර ඒවා අත්පත් කර ගැනීමට ඔහු ඝාතනය කළ කල්ලියට උදව් දුන් නොතාරිස්වරු සම්බන්ධවද විමර්ශනයක් අරඹා ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මෙම සතියේත් සමන් විජේසිරි මහතාට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පු සැකසීම සම්බන්ධව හලාවත මහෙස්ත්‍රාත්වරයාට ද කරුණු වාර්තා කර තිබුණි.
එහිදී පර්චස් 105ක ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කළ බවට හෙළි වී ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.
අශෝකා දසනායක නැමැති ප්රකෝටිපතියාගේ ඝාතනයෙන් පසුව ඉඩම්වලට හොර ඔප්පු සැකසූ නොතාරිස්වරුන් පසුපසද විමර්ශන කණ්ඩායම් විසින් විමර්ශන අරඹා ඇත.