සිය ජීවිතයට හා පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට එල්ල වී ඇති මරණීය තර්ජන සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන් බව වාර්තා වේ.
පොළොන්නරුව බදුලුවැව සිරිසඟබෝ පෙදෙස අංක 1 දරණ ලිපිනයේ පදිංචි ආර්. එස්. රොෂාන් අනුරුද්ධ මහතා කළ පැමිණිල්ලක් අනුව එකී විමර්ශන ආරම්භ කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයට වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.