විදෙස්ගත කරන බව පවසා මුදල් වංචාවක්.

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් විදෙස්ගත කරන බවට පවසා මුදල් වංචා කළ අයෙකු බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

කොළඹ ජාතික රෝහල තුළ වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ඔස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 70000ක මුදලක් ලබා ගෙන ඇති බවට සදහන් වේ.

සැකකරු 56 හැවිරිදි පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වතුපිටිවල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවට අනාවරණය වේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අද (06) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version