ජල – විදුලි ගැටලුවේ ඇමති කාංචන – මහින්ද මත ගැටුම්.

සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් එදින පටන් දිස්ත්‍රික්ක පහක පැය හතරක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවත් , ගොවිතැනට ජලය නිකුත් කිරීමට හැකි වන්නේ දින හතරකට පහකට පමණක් බවත්
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම එසේ කළහොත් ගාල්ල , මාතර , හම්බන්තොට , කෑගල්ල , රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙසේ පැය 4 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බවත් , විදුලි කප්පාදුවකින් තොරව නිකුත් කළ හැකි උපරිමය ජල ප්‍රමාණය නිකුත් කරමින් ඉදිරියට යාමට තීරණය කර ඇති බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කර තිබේ .

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ පැයක දෙකක විදුලි කප්පාදුව දරාගනිමින් ගොවිතැන සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණාවක් බවත් , එසේ නොකළහොත් ඉදිරියේදී රට තුළ ආහාර හිඟයක් ඇති වනු ඇති බවත් ය.

Exit mobile version