පොල් අස්වැන්න පහළට .

මෙරට පොල් අස්වැන්න පහළ ගොස් ඇති බවට ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනී ආරච්චිගේ සඳහන් කරයි. 

ඇය පැවසුවේ පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න පහළ ගොස් ඇති බවයි . 
 
පසුගිය වසරේ පොල් අස්වැන්න ගෙඩි මිලියන 3,350 ක් වන අතර එය මේ වසරේ පොල් ගෙඩි මිලියන 2,950 දක්වා අඩු වී තිබේ.
 
මීට ප්‍රධානතම හේතුව වසර 2ක් පමණ පොහොර නොයෙදීම බවට ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version