ඇඹිලිපිටිය ම.වි. විදුහල්පති “රාවණා” වෙබ් අඩවියට එරෙහිව පොලීසි යයි.
විදුහල්පතිට පොලීසියෙන් අවවාද.
ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් විවිධ වංචා දුෂණ රාශියක් සිදු කර තිබෙන බවට පසුගිය මැයි මස 29 වනදාත් , ඊට පෙරත් පළාත් බලධාරීන්ට පැමිණිලි කරන ලදී. ඒ අත්සන් 6 ක් සහිත ලිපියක් මඟින් වන අතර සබරගමුව පළාත් සභාවෙන් ලබා ගත් එම ලිපිය අප ප්‍රසිද්ධ කරන ලදී.
ඒ පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් එම පැමිණිල්ල අස්ථානගත කිරීමට කටයුතු කරන බවට ලද තොරතුරු මතය.
ඒ ලිපිය මත සහ වෙනත් මාර්ග වලින් ලබා ගත් විවිධ සාක්ෂි ගණනාවක් මත, සහ විදුහල්පතිවරයාගේ අධූරදර්ශි , නීතිවිරෝධී ක්‍රියා හමුවේ එම පාසල තුළ ගැටුම් ඇතිවන බව දුටු අප ඒ පිළිබඳව ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලද්දේ නීත්‍යානුකූල මාධ්‍ය ආයතනයක් ලෙස අපට රජයෙන් ලබා දී තිබෙන රාජකාරිය නිසි ලෙසම ඉටුකරමිනි.
අප පෙර අනාවරණය කළ ආකාරයටම පාසල් අභ්‍යන්තරය ගැටුම් වලින් පිරවීමට විදුහල්පතිවරයා කටයුතු කළ අතර පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් මෙන්ම ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාද මෙම ගැටුම ඇතිවන තෙක් සියල්ල සිදුවීමට ඉඩ ලබා දෙමින් නින්දිත , මෙන්ම අප්‍රසන්න ක්‍රියාවලියක නිරත වෙමින් සැබෑ ප්රශ්නය යටපත් කිරීමට කටයුතු කළේය. එය වර්තමානයටද එසේමය.
මෙම සියලුම දෙනා රටේ නීතියට අනුව නොව තමන්ගේ දේශපාලනය සහිත රජයක් පත්කරගැනීමේ පාපී ක්‍රියාවට කර ගසා තිබෙන බවද අප මීට පෙරම වාර්තා කර තිබේ.
මේ වන විටත් තම මහජන තනතුර දේශපාලනය වෙනුවෙන් භාවිතා කරන ඔවුන් නිසා පාසල තුළ නීතිවිරොධී ලෙස එක්රැස්වන සාමයට බාධා කරවන ගුරු මණ්ඩලයේ කොටසක් නිර්මාණය කර තිබේ. ඒ විදුහල්පතිවරයාගේ කණ්ඩායමයි. නමුත් අප ආයතනයට තොරතුරු දුන් බවට එහි ගුරුවරු කිහිප දෙනෙකුට ද මෙම විදුහල්පතිවරයා සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයා මෙම ගුරුවරුන්ගේ රාජකාරියටද බාධා කරමින් සිටී.
නමුත් මෙම ගුරුවරු අප සමඟ සබඳකම් නැති අතර විද්‍යාලයේ විදුහල්පති නිහාල් පිටගම්පල නැමැත්තා අප ආයතන හිමිකරුගේ සමීප මිත්රයෙකි. එසේම මෙම පාසලේ දෙමාපියන් මෙන්ම වෙනත් ගුරුවරුන් සමුහයක් අපට තොරතුරු ලබා දෙති. තොරතුරු ලබා දෙන්නෝ, ඒවා ලබා දෙන්නේ කෙසේද යන්නවත්, මෙම විදුහල්පති ඇතුලු කණ්ඩායම හඳුනාගෙන නැත.
එවන් දුෂිත පරිපාලනයක් සහිත මෙම විදුහලේ විදුහල්පතිවරයා ලෙස සඳහන් නිහාල් පිටගම්පල නමැත්තෙක් අප ආයතනයට එරෙහිව ඇඹිලිපිටිය පොලීසිය තුළ පැමිණිල්ලක් යොදා තිබේ. ඒ අප වාර්තා කර තිබෙන දේවල් වැරදි බවටත් , අපගේ වාර්තා නිසා මහජනතාව කැළඹෙන බවටත් චෝදනා කරමින් බව අපට ලැබී තිබෙන පොලිස් පණිවිඩය තුළ සඳහන් වේ.
නමුත් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කටයුතු කලයුතු ආකාරයවත් නිහාල් පිටගම්පල නමැත්තා නොදැනීමෙන්ම පෙනී යන්නේ ඔහු පරිපාලන නීතිය ගැන කිසිවක් නොදන්නා නාමික විදුහල්පතිවරයෙක් බවයි. ඔහු විදුපතිවරයෙක් බවට පත්ව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ එවකට රත්නපුර දිස්ත්‍රික් නායකයෙකු සමඟ ගොස් ඇඹිලිපිටියේ එවකට සිටි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සිර අඩස්සියට ගෙන බවට අප සාක්ෂි ලබාගෙන තිබේ.
එවන් පාලකයෙක් මෙම විදුහල පාලනය කර තිබෙන්නේ කෙසේද යන්නත්, ඔහුගේ සැබෑ නිරුවත ඔහු විසින්ම සමාජගත කරගෙන තිබේ.
එසේම අප මෙතෙක් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා යන නාමය පමණක් භාවිතා කළ නමුත් නිහාල් පිටගම්පල යන නාමය භාවිතා නොකලේය.
ඒ අපට ඔහු සමඟ පුද්ගලික ආරවුලක් නොතිබු බැවිනි.
නමුත් දැන් ඔහු එය පුද්ගලික ආරවුලක් බවට පරිවර්තනය කරගෙන තිබේ. ඒ අනුව ඔහු පැමිණිල්ලක් යොදා තිබේ. ඔහු යා යුතු මාර්ගයවත් නොදන්නා පුද්ගලයෙක් වුවත් මෙම සිද්ධියට අප මුහුණ දෙන්නේ , පිළිගත් මාධ්‍ය ආයතනයක් ලෙස වන අතර නිහාල් පිටගම්පල නමැත්තාට ද යම් අකටයුත්තක් අනාගතයේදී ඇති වුවහොත් අප ඒ වෙනුවෙන් පෙනී සිටී. කෙසේ නමුත් ඔහුගේ උපදෙස් මත පෙනී සිටින චන්ඩි, බංඩි සියල්ලෝම මේ වන විටත් ආදි සිසුන්ගේ ගැට ගොඩකට අසුව තිබේ. එසේම පළාත් අධ්‍යාපන ලේකම්වරයා දක්වාම එම ගැටලුවලට හිර වී තිබේ. ඒ අනුව මේ සියලුම දෙනා තාවකාලිකව පොඩි සතුටක්, ආතල් එකක්, චූන් එකක් අරගෙන තිබේ.
එහි ප්‍රථම පියවර පසුගියදා ඇඹිලිපිටිය පොලීසියෙන් වාර්තා විය. ඒ එහි පැමිණිල්ල විභාග කළ ස්ථානාධිපතිවරයා පවතින සත්‍ය සැබෑ ලෙසම ගෙන විදුහල්පතිවරයාට අවවාද කිරීමත්, විමර්ශන නිසි ලෙස ආරම්භ කරමින් බලධාරීන්ගෙන් වාර්තා කැඳවා පාසල් පරිපාලනය ගිලිහීම පිළිබඳව ඉදිරි කටයුතු ආරම්භ කිරීමය.
එසේම පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයාට පාසල තහනම් කිරීමටද අදාළ ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබේ. පොලීසිය හරහා අප ලබාගත් පටිගතකිරීම තුළ නිහාල් පිටගම්පොල නැමැත්තාගේත්, අනිකුත් සංවිධානාත්මක කණ්ඩායමේත් සැබෑ තත්වය අදාළ පොලිස් පරික්ෂකවරයා විසින්ම පෙන්වා දෙයි. කෙසේ නමුත් මෙම පැමිණිල්ල විභාග කරනු ලැබු සුලු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව අප මීට පෙර පුවතක් පලකරන ලදී. ඒ ” ඇග තිබුනට මොලේ නැති ඇඹිලිපිටියේ OIC කෙනෙක් ” ලෙසයි.
කෙසේ නමුත් සියල්ල නීතියට අනුව කටයුතු කර, පළාත් අධ්‍යාපන ලේකම්, කලාප අධ්‍යාපන ලේකම්, ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති, ඇතුලු මෙම ගැටලුව ඇති කළ සියලුම දෙනා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන තෙක් ” ශ්‍රී රාවණා ලංකා” අපි අවදියෙන්.