සරසවි සිසුන්ට නැවතත් ණය.

රජයේ විශ්ව විද්‍යාලවල සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ණය වැඩසටහන නැවත ආරම්භ කිරීම සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට අනුවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ,

“මෙම ණය වැඩසටහනට මුදල් ලබාගැනීම පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පෞද්ගලික විශ්වවිශ්වවිද්‍යාල රැසකට මේ සහනය දුන්නා.”

Exit mobile version