නායයෑමක් හේතුවෙන් අවහිර වු කොළඹ – බදුල්ල ප්රධාන මාර්ගයේ බත්ගොඩ ප්රදේශයේ මාර්ග කොටස පිළිසකර කිරීමේ කටයුතු අද (06) පෙරවරුවේ ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ .
එම ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (05) පස්වරුවේ බත්ගොඩ ප්රදේශයේ මාර්ග කොටසට පස් කන්දක් කඩා වැටී තිබූ නමුත් පවතින කාලගුණ තත්ත්වය හමුවේ මාර්ගය පිළිසකර කිරිමේ කටයුතු ඊයේ (05) රාත්රීයේ සිදුකිරිමට බාධා එල්ල වුණි. එබැවින් එම කටයුතු අද (06) පෙරවරුවේ සිදුකිරිමට තීරණය කර තිබේ.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධීක්ෂණය යටතේ මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු අද (06) පෙරවරුවේ ආරම්භ කරන බව සඳහන් .