මැතිවරණය පිලිබදව කොමිසම තීරණයක.

පළාත් පාලන මැතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් 2023 පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම විසින් කැඳවීමක් කර ඇති බව වාර්තා වේ.

අද දින රැස්වූ මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ එළඹෙන 23 වනදා අදාළ සාකච්ඡාව සිදු කිරීමටයි.

මේ අතර අද සිට ඉදිරියට දින 14ක් ඇතුළත 2021 වර්ෂයට අදාළ විගණිත ගිණුම් ප්‍රකාශනයන් ලබා නොදෙන්නේ නම් එම  දේශපාලන පක්ෂවලට ඇති හිමිකම් අවසන් කිරීමට ද මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව වාර්තා වේ.
 

Exit mobile version