දුම්රිය අනතුරින් මියගිය තරුණයාට වන්දි.

හොරපේ දුම්රිය ස්ථානයේ දී අනතුරකට ලක්ව මිය ගිය තරුණයාට වන්දි ලෙස රුපියල් ලක්ෂ පහක මුදලක් ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත ලබාදෙන බවට ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසූ බව වාර්තා වේ.

දුම්රිය රියදුරු වර්ජනය නිසා පැවති දුම්රිය මගී තදබදය මත මෙම තරුණයා ඊයේ නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක වහලය මත නැගී පැමිණෙමින් සිටියදී හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ ගැටී දුම්රියෙන් බිමට වැටී මරුමුවට පත් වූ බව සදහන්.

Exit mobile version