අත්ත්ඩිය , ගල්කිස්ස , රත්මලාන , කරගම්පිටිය සහ බෙලෙක්කඩේ යන ප්‍රදේශවල විවිධ සේවා සමූපකාර ග්‍රාමීය බැංකුවේ තැන්පත් කරන ලද කෝටි 25 කට අධික මුදලක් ආපසු නොදීම සම්බන්ධයෙන් එම බැංකුවල තැන්පතුකරුවන් 100 කට අධික පිරිසක් විසින් ගල්කිස්ස විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.
මෙම ග්‍රාමීය බැංකු ශාඛාවල ස්ථාවර තැන්පතු සහ සාමාන්‍ය ගිණුම්වලින් මෙලෙස මුදල් ආපසු ලබා නොදෙන බවත් , බස්නාහිර පළාත් හිටපු සමූපකාර සංවර්ධන කොමසාරිස්වරියට එරෙහිව මෙහිදී පැමිණිලි ලැබී ඇති බවත් සඳහන්.