ඉකුත් මාර්තු 9 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම තුළින් ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (03) බුවනෙක අලුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන , විජිත මලල්ගොඩ , ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අතර මෙම පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 9 වනදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ බව වාර්තා වේ.