පදවිය ප්රදේශයේ කිරි ගොවීන්ගේ එළ ගවයන් 28 දෙනෙකු සොරාගෙන අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක් කළ බවට පදවිය පොලිසිය පවසයි.
සැකකාර කොස්තාපල්වරයා උඩමළුව පොලිස් මුරපොළට අනුයුක්තව රාජකාරී කරමින් සිටි අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
ගවයින් 28ක් සොරා ගැනීමේ පැමිණිලි දෙකක් පදවිය පොලිසියට ලැබී ඇති අතර එම පැමිණිලි දෙකක් අනුව විමර්ශනය පැවැත්වීමේදී සැකකාර කොස්තාපල්වරයා මෙම හරක් හොරකමට සම්බන්ධ ප්රධාන සැකකරු බවට අනාවරණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.